Showing posts with label Machine Embroidery. Show all posts
Showing posts with label Machine Embroidery. Show all posts

Sunday, November 15, 2009

Embroidery design for a blouse




මේක මැෂින් එම්බ්‍රොයිඩරි ක්‍රමයෙන් මහපු මලක්. මම මේක මැහුවේ බ්ලවුස් එකකට කැමති විදියකට මේක වෙනස් කරලා වෙන නිර්මාණ වලටත් ගන්න පුළුවන්. ලොකු මලේ වර්ණ කිහිපයක් අරන් තියෙන්නේ නූල් වර්ණ කිහිපයකින් මහලා. මේකත් සරළම මැහුම් ක්‍රමයකින් තමා මහලා තියෙන්නේ. පොඩි සීකුයින්ස් කිහිපයක් අල්ලා පොඩි වෙනසක් කරලා තියනවා. ඒ ඇරෙන්න වැඩි යමක් නැහැ.

Little Duck




මේ පුංචි තාරා පැටියව මැහුවේ අපේ ගෙවල් ළග අක්කා කෙනෙකුගේ පුංචි පුතාට තෑගි දෙන්න. එයා ඉපදුනේ ළගදි. ඉතිං එයාව මුලින්ම බලන්න යනකොට අරගෙන යන්නයි තාරා බබාව මැහුවේ. මේක මහලා තියෙන්නේ ප්ලැනල් රෙද්දක. ඉතිං එයාගේ අම්මට පුළුවන් මේක පුතාව පෙරවන්න හරි එයාගේ බෙඩ්ෂීට් එක විදියට හරි එහෙමත් නැත්තං එයාව ගමනක් යනකොට පෙරවගෙන යන්න හරි පාවිච්චි කරන්න. මැහුම් ක්‍රමය ගැන කියනවා නම් මේක මැෂින් එම්බ්‍රොයිඩරි වලටයි අයිති වෙන්නේ. යොදාගෙන තියෙන්නේ සරළ මූලික ම මැහුම් ක්‍රමය. මොකද පොඩි බබෙකුට නිසා ගොඩක් නූල් පුරවන්න බැහැ. එයාගේ ඇගට හිටලා රිදෙන්න පුළුවන්නේ. තොප්පිය වටේ විතරක් පොඩි කෝඩ් එකක් ගිහිං තියනවා. එච්චරයි.