Sunday, November 15, 2009

Embroidery design for a blouse




මේක මැෂින් එම්බ්‍රොයිඩරි ක්‍රමයෙන් මහපු මලක්. මම මේක මැහුවේ බ්ලවුස් එකකට කැමති විදියකට මේක වෙනස් කරලා වෙන නිර්මාණ වලටත් ගන්න පුළුවන්. ලොකු මලේ වර්ණ කිහිපයක් අරන් තියෙන්නේ නූල් වර්ණ කිහිපයකින් මහලා. මේකත් සරළම මැහුම් ක්‍රමයකින් තමා මහලා තියෙන්නේ. පොඩි සීකුයින්ස් කිහිපයක් අල්ලා පොඩි වෙනසක් කරලා තියනවා. ඒ ඇරෙන්න වැඩි යමක් නැහැ.

Little Duck




මේ පුංචි තාරා පැටියව මැහුවේ අපේ ගෙවල් ළග අක්කා කෙනෙකුගේ පුංචි පුතාට තෑගි දෙන්න. එයා ඉපදුනේ ළගදි. ඉතිං එයාව මුලින්ම බලන්න යනකොට අරගෙන යන්නයි තාරා බබාව මැහුවේ. මේක මහලා තියෙන්නේ ප්ලැනල් රෙද්දක. ඉතිං එයාගේ අම්මට පුළුවන් මේක පුතාව පෙරවන්න හරි එයාගේ බෙඩ්ෂීට් එක විදියට හරි එහෙමත් නැත්තං එයාව ගමනක් යනකොට පෙරවගෙන යන්න හරි පාවිච්චි කරන්න. මැහුම් ක්‍රමය ගැන කියනවා නම් මේක මැෂින් එම්බ්‍රොයිඩරි වලටයි අයිති වෙන්නේ. යොදාගෙන තියෙන්නේ සරළ මූලික ම මැහුම් ක්‍රමය. මොකද පොඩි බබෙකුට නිසා ගොඩක් නූල් පුරවන්න බැහැ. එයාගේ ඇගට හිටලා රිදෙන්න පුළුවන්නේ. තොප්පිය වටේ විතරක් පොඩි කෝඩ් එකක් ගිහිං තියනවා. එච්චරයි.

Ribbon Embroidery - 2






මේ මල් හැම එකක්ම මහලා තියෙන්නේ එක එක ප්‍රමාණ වල රිබන් වලින්. බිත්ති සැරසිලි,කුෂන් කවර හා කාන්තා ඇඳුම් වලට මේවා විවිධ වර්ණ වලින් විවිධ ප්‍රමාණ වලින් මසා ගන්න පුළුවන්. මෙතන තියන හැම එකක්ම මම පන්තියෙදි ඉගන ගන්න මහපු දේවල්. ඒකියන්නේ සාම්පල්. මේ මල් වර්ග ගොඩක් එකතු කරලා ලස්සන බිත්ති සැරසිලි හදා ගන්න පුළුවන්.

Ribbon Embroidery -1









මේ මල් හැම එකක්ම මහලා තියෙන්නේ එක එක ප්‍රමාණ වල රිබන් වලින්. බිත්ති සැරසිලි,කුෂන් කවර හා කාන්තා ඇඳුම් වලට මේවා විවිධ වර්ණ වලින් විවිධ ප්‍රමාණ වලින් මසා ගන්න පුළුවන්. මෙතන තියන හැම එකක්ම මම පන්තියෙදි ඉගන ගන්න මහපු දේවල්. ඒකියන්නේ සාම්පල්. මේ මල් වර්ග ගොඩක් එකතු කරලා ලස්සන බිත්ති සැරසිලි හදා ගන්න පුළුවන්.

Wednesday, May 27, 2009

Design for a pillow case











මේක මැශින් එම්බ්‍රොයිඩරි ක්‍රමේට කොට්ට උරේකට මහපු මලක්.. මල් පෙති මහලා තියෙන්නේ පිරවිලි මැස්මෙන්.. ඒක කරන්නේ මුලින්ම මල්පෙත්‍ත වටේට DMC නූලක් කොඩ් කරගෙන ‍ඒක නොපෙනෙන විදියට පිරවිලි මැස්මෙන් පුර‍වගෙනයි.. මේ මල් පෙත්ත පාට දෙකකින් පෙන්නේ ඒකට භා‍විතා කරලා තියෙන්නේ රෝස පාට ෂේඩඩ් නූල් නිසයි‍.. නාරටිය මහලා තියෙන්නේ සාමාන්‍ය මැස්මෙන් පුරවගෙන.. කැමති නම් මේ මල ඇදුමකට හෝ කුෂන් කවරෙකට උනත් ගලපගන්න පුළුවන්..

Rose












පේනවානේ මේ මහලා තියෙන්නේ රෝස මලක්.. කතිර මැහුම් රටාව තමයි යොදාගෙන තියෙන්නේ.. මේක මැෂින් එකේ නෙවෙයි.. අතේ මහන මැහුම් ක්‍රමයක් මහන්න හරිම ලේසියි

Monday, May 25, 2009

Design for a blouse




මේක නම් ඉතිං එම්‍බ්‍රොයිඩරි එකක් නෙවෙයි.. මේක බ්ලව්ස් එකකට කරපු නිර්මාණයක්.. මේ විදියේ ප්ලාස්ටික් මල් කඩ වල ගන්න තියනවා.. ඒවා අලවලා/මහලා මේ විදියේ නිර්මාණයක් කරගන්න පුළුවන්.